පියෙකු තම බිළිඳු දියණිය දෙකකුලෙන් අල්ලා ඔසවා පන්සලේ ගලේ ගසා මරා දමයි...!!
මෙහෙම ගියානම් කොහෝමද සිංහල ජාතිය වැඩි කරන්නෙ?? ඉතිං කොහෝමද දරුවෝ හදන්නේ??
පියෙකු වයස අවුරුදු එක හමාරක් වයසැති තම බිලිඳු දියණිය පන්සලක තිබූ ගලක ගසා මරා දමා තිබේ.
ඝාතක පියා 29 හැවිරිදිය. පසුගියදා ඝාතනය සහ ගිනි තැබීම සාමාන්‍යයක් බවට පත්වූ බේරුවල පොලිස් වසමේ, රොක්ලන්ඩ්ස්, මාගල්කන්ද, බුබුළවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. බෝට්ටු අලූත්වැඩියා කරන ස්ථානයක රැකියාව කර ඇත. දැරිය හිරුණි පබසරා නමැති බිළිඳියකි.
පවුලේ ආරවුල් තිබී ඇති අතර මාස 3-4 ක් තිස්සේ දෙමාපිය දෙදෙනා වෙන්ව වාසය කර ඇත. පොලිසියේ නියෝග මත (අධිකරණ නියෝග නොවේ) ඉරිදා දිනවල දරුවා පියා වෙත බාර දී ඇත. එසේ සිදුකර ඇත්තේ ඉරිදා දෙකක් පමණි. (24) තෙවන ඉරිදා දරුවා බාර ගත් පියා දැරිය බුබුලවත්තේ පන්සලට ගෙනැවිත් දැරියගේ කකුල් දෙකින් ඔසවා පන්සලේ තිබූ ගල්තලාවක ගසා මරා දමා තිබේ.
සිද්ධිය දුටු තවත් ළමයෙක් පවසන පරිදි ''උඹත් ඉවරයි මමත් ඉවරයි'' කියමින් ඝාතක පියා තම දරුවා ගලේ ගසා තිබේ. දැරිය රෝහලට ගෙන යද්දී මිය ගොස් ඇත.
------------------------
පවුලකට පිරිමි දරුවෙක් නැතිව ගැහැණු දැරියක් උපන්නොත් දැරිය ගලේ ගසා මරා දැමීම අතීත සිංහල බෞද්ධ සමාජයේ ද තිබූ අඳුරු පුරුද්දකි. ගෑණු ජාතිය, ජරා ජාතිය, ගලේ ගහපිය, මරා දාපිය, ආදී කතා ජන වහරට එක්ව ඇත්තේ ඒ අනුවය. ඒ තිරිසන් පුරුද්ද ප්‍රථම වරට නීතියක් මගින් තහනම් කරන්නේ ඇහැලේපොල නිලමේ විසිනි. තම අධිකරණ බලය තිබූ ප්‍රදේශයේ දැරියන් ගලේ ගසා මරා දැමීම තහනම් කරමින් ඇහැලේපොල නිලමේ පැනවූ ආඥාව තවමත් ලිඛිතව තිබේ. එවන් නීති පැනවූ ඇහැලේපොල නිලමේගේ දියණිය වංගෙඩියේ ලා කෙටැවීම ද එකළ පැවැති රාජ නීතිය අනුව සිදු කරන ලද්දකි.
පසුව බි්‍රතාන්‍ය යටත් විජිතයක් වීමෙන් පසු සිංහල බෞද්ධ රජවරුන්ගේ තිබූ ම්ලේච්ඡ නීති සම්පූර්ණයෙන්ම අහෝසි කෙරිණ. අධිකරණ ක්‍රමයක් බිහිවිය. සකලාකාර ඝාතනයට තරාතිරම නොබලා දඬුවම් දුන්නේය.
වර්තමානය වන විට නීතිය අවනීතිය බවට පත්වී විකෘති වී තිබේ. රජ කමට තම පියා පවා මරා දැමූ අඩ නිරුවත් රජවරුන්ගේ තිරශ්චීන යුගයන්ට ව්‍යාජ සාටෝප තවරමින් බොරු ගොතමින් ඒ රාජ යුගය වෙත පිය නගමින් සිටිති. රටේවත් නොසිටි රාවණා වැනි ජනකතා යක්ෂයන් වීරයන් සේ අදහමින් සිටිති.
යුද ජයග්‍රණයෙන් පසුව භයානක යුද අවි ගම් නියම් ගම් වල ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව ඝාතනය උත්කර්ෂයට පත් කරනු ලැබීය. අවිහිංසාව දේශනා කළ බුද්ධාගම ඝාතකයන්ගේ ආගමක් බවට පරිවර්තනය කෙළේය. රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඝාතකයෝ තනතුරු ලාභීන් වෙමින් සමාජ සම්භාවනාවට පත් කෙරිණ.
මේ වන විට වැපිරූ අස්වැන්න දස දෙසින් නෙලා ගනිමින් සිටිති. 13 හැවිරිදි දැරියක් තමාගේම 6 හැවිරිදි නැගනියට පිහියෙන් ඇන මරා දමා සතියක්වත් ගෙවුනේ නැත. අද පියෙක් තම බිලිඳු දියණිය පන්සලේ ගලේ ගසා මරා දමා ඇත. හෙට....?

No comments:
Post a Comment