පිරිමියා පරාජය වීම – කරන්න දෙයක් නැති රටක හිස්වූ ජීවිතවල දේශපාලන-ආර්ථිකය (31/08/2014)
தமிழில் Hisham Hussain...
නමගිය
ආයතනවල වැඩ කරන ලංකාවේ බහුතරයක් මාධ්‍යවේදීන් බලවත් ස්ත‍්‍රියකගෙන්
පහරකෑමට ඕනෑම වෙලාවක සුදානම්ය. නමුත් බලවත් නොවන සාමාන්‍ය ස්ත‍්‍රියක්
විසින් කිසිවෙකුට පහරදීම ඔවුන්ට තේරුම් ගත නොහැකි අත්භූත ප‍්‍රපංචයකි.
වාරියපොලදී තමන්ට ලිංගික
අතවරයක් කිරීමට පැමිණි අයෙකුට පහර දී ගැලවීමට තරුණ ස්ත‍්‍රියකට සිදුවූයේ
ඇයිද යන්න පෙන්වනවා වෙනුවට ඒ අසල සිටි ටයිම් කීපර් කෙනෙකු ඇමැති ආරක්ෂකයෙකු
ලෙස ඔවුන්ට පෙනෙන්නේ ඒ නිසාය. ඉහත කී බොහෝ මාධ්‍ය ආයතනවලට මැති ඇමැති
බිරින්දෑවරු ආරක්ෂකයින් සමග පැමිණ පාට් දමා යන අතර එහිදී බොහොමයක්
මාධ්‍යවේදීන් පමණක් නොව අභීත කතෘවරුන් පවා වාරියපොලදී පහරකෑමට ලක්වූ සෙල්වා
මෙන් බිම බලාගෙන සිටිනවා විය හැකිය. එම නිසා මේ මාධ්‍යවේදීන් තමන් සෙල්වා
වැනි දුර්වල ස්ථානයකට මානසිකව ආරෝපණය වී පහර දුන් තරුණිය ඇමැති බිරියක් හෝ
දියණියක් බවට පරිකල්පනය කරන්නේ මේ මානසික තත්ත්වයෙනි. තරුණිය ගාමන්ට්
ෆැක්ට්‍රියක වැඩ කරන සාමාන්‍ය අයෙකු බව පසුව හෙළි වූ විට ද මේ අය කළේ මෙම
සිදුවීමෙන් පසු සෙල්වාගේ පවුල් ජීවිතය විනාශ වූ බවට ප‍්‍රචාරයක් ලබාදී
නැවතත් තරුණියට එරෙහිව මතයක් ඇති කිරීමයි. වාරියපොල තරුණියගේ කණේ පාරෙන්
රිදුම් කෑවේ සෙල්වා පමණක් නොවන බව මින් පැහැදිලිය.
බොහෝ දෙනෙකු අවිඥානිකව
සෙල්වාට කැමැතිවීමට තවත් හේතුවක් වන්නේ ස්ත‍්‍රීන් ඇදිය යුතු ඇදුම පිළිබද
සංකල්පය සම්බන්ධයෙන් බොහෝ උගත් යැයි සැලකෙන ලාංකිකයන්ගේ මතය සෙල්වාගේ මතයට
වඩා වෙනස් නැති වීමයි. අනෙක් අතින් පාරේ යන එන ස්ත‍්‍රීන් පමණක් නොව තමන්
සමග එකට සේවය කරන ස්ත‍්‍රීන්ට පවා ලිංගිකත්වය මුල් කරගෙන විහිළුවට
ලක්කිරීමට පිරිමින්ට අයිතියක් ඇතැයි සිතන්නේ සෙල්වා පමණක් නොවේ.
මේ පිළිබදව විග‍්‍රහ
කිරීමට ස්ත‍්‍රීවාදය, සදාචාරය, අධ්‍යාපනය වැනි විවිධ මිනුම් දඩු උපයෝගී කර
ගත හැකි වූවත් මෙය ආර්ථික ගැටළුවක් ලෙස විග‍්‍රහ කිරීම උචිත යැයි හැගේ.
රටක ආර්ථිකය රදා පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයක් මත නම් එම රටේ ස්ත‍්‍රීන්ට
මෙන්ම පුරුෂයන්ටද නිකරුනේ සිටීමට කාලයක් නැත. ඔවුන් සෑමවිටම තමන්ට හෝ
සමාජයට අදාළ කාර්යයක නිරත වෙමින් සිටියි. ඒ නිසා අනුන්ගේ ඇදුම් ගැන සීතිමට
ඔවුන්ට කාලයක් නැත. එසේම එවැනි රටක බස් හෝල්ට්වල නිකරුණේ කාලය ගෙවනවා කියා
දෙයක් එවිට ඇති වන්නේ නැත. මන්ද මිනිසුන් නිකං බස් හෝලට්වල කාලය ගෙවන්නේ
නම් එය රටේ ආර්ථිකයට පාඩුවක් වන බැවිනි. එසේම ස්ත‍්‍රිය නිෂ්පාදන
ක‍්‍රියාවලියට සමානව දායක කරගැනීමට පටන් ගත් විට පිරිමින් තුළ ස්ත‍්‍රීන්
පිළිබද පවතින අගතීන් සෑහෙන ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවනු ඇත. යුරෝපයේ හෝ
අැමෙරිකාවේ පමණක් නොව චීනය ඇතුළු සංවර්ධිත ආසියානු රටවල්වල පවා මේ තත්ත්වය
හොදින් දැක ගත හැකි අතර එම රටවල ස්ත‍්‍රීන්ගේ ඇදුම්වල දිග මැනීමට
පිරිමින් කාලය ගත කරමින් සිටින්නේ නැත.
නිෂ්පාදනය නැති නිසා හිස්
වූ මනසක් ඇති පිරිමින් ආර්ථිකයෙන් රටට පැමිණෙන අලුත් ෆැෂන් නිසා බියවී
සිටින අතර මේ දෙදෙනා බස් හෝල්ට් එකක මුණ ගැසුන විට ශරීර අතර ගැටුමක්
ඇතිවේ. සංවාදය මේ පැත්තට අරන් යනවා වෙනුවට අපේ මෝඩ මාධ්‍යවේදීන් කරන්නේ
ඊනියා සදාචාර මිනුම් දඩු වලින් විනිශ්චයන් දීමට යෑමයි. එම නිසා මේ සියළු
දෙනාම පිළිබඳව අප අනුකම්පා කළ යුතුය. ජීසස් කීවාක් මෙන් අප මෙසේ කිව යුතුය.
ඔවුන් නොදැන කරන වැරදි වලට සමා වුව මැනව!
// வாரியபொல சகோதரியும் நாங்களும் \\
சமபிம (සමබිම) சிங்கள மொழி வலைத்தளத்திலிருந்து... (ஒரு பகுதி)
இச் சம்பவம் குறித்து விவரிப்பதற்கு பெண்ணியம், ஒழுக்கம், கல்வி போன்ற அளவுகோள்களை உபயோகிக்க முடியுமாக இருந்தாலும் இதனை பொருளாதாரப் பிரச்சினையாக விவரிப்பது பொருத்தமாகும்.
ஒரு நாட்டின் பொருளாதாரம் தங்கியிருப்பது 'உற்பத்தி பொருளாதாரம்' மீது என்றால், அந் நாட்டின் பெண்கள் போன்று ஆண்களுக்கும் வேலையின்றிக் கழிப்பதற்கு நேரம் இருப்பதில்லை. அவர்கள் எப்பொழுதும் தமக்கும் சமூகத்திற்கும் உரிய பணிகளில் ஈடுபட்டிருப்பர். அதனால் உடைகளைப் பற்றி சிந்திப்பதற்கு அவர்களுக்கு நேரமிருக்காது.
அதுபோல அவ்வாறானதொரு நாட்டில் பஸ் தரிப்பு நிலையங்களில் காரணமின்றி நேரத்தைக் கழித்தல் என்ற ஒரு விடயம் அப்போது ஏற்படாது. ஏனெனில் மனிதர்கள் பஸ் தரிப்பு நிலையங்களில் வெறுமனே நேரத்தைக் கழித்தால் நாட்டின் பொருளாதாரத்திற்கு நட்டம் ஏற்படும் என்பதினாலாகும்.
அதுபோன்று பெண் உற்பத்திச் செயற்பாட்டுக்கு சரிசமனாகப் பங்களிப்பு வழங்க ஆரம்பிக்கும் போது ஆணிடம் பெண் தொடர்பாகக் காணப்படும் கேடுகள் கணிசமான அளவு நீக்கிவிடவேண்டி ஏற்படும். ஐரோப்பா, அமெரிக்கா மட்டுமன்று சீனா உள்ளிட்ட வளர்ச்சியடைந்த ஆசிய நாடுகளில் கூட இந்நிலையை நன்கு காணலாம். அந்நாடுகளில் பெண்களின் ஆடையின் நீளத்தை அளப்பதற்கு ஆண்கள் நேரத்தை செலவிட்டுக்கொண்டிருபப்தில்லை.
சமூகப் பிரச்சினைகளைத் திறந்த மனதுடன் பார்க்கக் கூடிய முன்னேற்றகரமான மனோ நிலை உருவாகுவதும் உற்பத்திச் செயற்பாட்டில் ஈடுபடும் மனிதர்களிடமிருந்துதான். இங்கு நாம் செல்வா (வாரியபொல சம்பவத்தின் ஆண்) மீது அனுதாபங்கொள்ள வேண்டியதும் பெண்ணொருத்தியின் வன்முறைக்கு ஆளானவன் என்ற அர்த்தத்தில் அல்ல, நாடு என்ற வகையில் நம்மிடம் நிலவும் பலவீனங்கள் அவன் ஊடாக வெளிப்பட்டதினால் ஆகும்.
வீதியில் சண்டை பிடிப்பதையோ வன்முறையையோ நாம் அனுமதிக்க முடியாது. பெரும்பான்மை இனம் சிறுபான்மை ஒன்றின் மீது வன்முறையைக் கட்டவிழ்த்துவிடுவதை தேசத்தின் வெற்றியாக அங்கீகரிக்குமாறு நிர்ப்பந்திக்கும் நாடொன்றில், பெண்ணொருத்தி தனது பிரச்சினையொன்றை வன்முறையின் மூலம் தீர்த்துக்கொள்வது எப்படித் தவறாகும் என்பதையும் நாம் கேள்வியெழுப்ப வேண்டியுள்ளது.
உற்பத்தி இன்மையினால் வெறுமையாகிப் போன உள்ளங்களைக்கொண்ட ஆண்கள் பொருளாதாரத்தின் ஊடாக நாட்டுக்குள் நுழையும் புதிய பேஷன்களினால் அச்சமுற்றிருப்பதுடன் இவர்கள் இருவரும் பஸ் தரிப்பு நிலையமொன்றில் சந்திக்கும்போது உடல்களுக்கிடையில் மோதல் ஏற்படுகின்றது.
இக் கருத்தாடலை இத் திசையை நோக்கி நகர்த்துவதை விட்டுவிட்டு எமது முட்டாள் ஊடகவியலாளர்கள் செய்த காரியமும், ஒழுக்க அளவுகோள்களினால் தீர்ப்புக்களை வழங்க முற்பட்டதாகும்.
ஆகவே நாம் அனைவர் மீதும் அனுதாபங்கொள்ள வேண்டியுள்ளது. இயேசு நாதர் கூறியதைப் போன்று நாமும் கூறவேண்டியுள்ளது, 'அவர்கள் அறியாமல் செய்யும் தவறுகளுக்கு மன்னிப்பீர்!'
No comments:
Post a Comment